ඉන්දීය කාශ්මීර වැසියකු එල්ලා මැරීමට විරෝධය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 9 සෙනසුරාදා - 18:35 GMT

ඉන්දීය කාශ්මීර වැසියකු එල්ලා මැරීමට විරෝධය පළ කරන පකිස්තානු කාශ්මීරයේ වැසියෝ ඉන්දීය ධජ ගිනි තබමින්, ඉන්දීය විරෝධී සටන්පාඨ කියමින් උද්ඝෝෂණයක නිරත වූහ.

එල්ලා මරනු ලැබූ මොහමඩ් අෆ්සාල් ගුරු වෙනුවෙන් තුන්දින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටද පාකිස්ථාන කාශ්මීර ආණ්ඩුව විසින් පියවර ගෙන තිබේ.

2001 වසරේ ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල කල ප්‍රහාරය සැලසුම් කිරීමේ වරදට මොහමඩ් අෆ්සාල් ගුරු හට මරණ දඬුවම නියම වී තිබිණ.

තමාට එල්ල වූ චෝදනා මොහමඩ් අෆ්සාල් ගුරු විසින් ප්‍රතික්ෂේප කළ අතර ඔහුට සාධාරණ නඩු විභාගයක් හිමි නොවූ බවයි මානව හිමිකම් සංවිධාන චෝදනා කෙළේ.

‍ඉන්දීය කාශ්මීරයේ ඇඳිරි නීතිය පනවා ඇති අතර අෆ්සාල් ගුරු උපන් නගරයේ විරෝධතාවක නියැළුන ජනතාව සහ පොලිසිය අතර ගැටුම් හට ගත් බවට වාර්තා විය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.