උද්ඝෝෂණයක් මර්ධනය කිරීමට බුරුම පොලීසිය සුදු පොස්පරස් යොදාගත් බවට අලුත්ම වාර්තාවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 14 බ්‍රහස්පතින්දා - 17:09 GMT

පසුගිය වසරේ පැවැත්වුණු සාමකාමී උද්ඝෝෂණයක් මර්ධනය කිරීම සඳහා බුරුම පොලීසිය යුද හමුදා භාවිතයට ගන්නා ආකාරයේ සුදු පොස්පරස් යොදාගත් බව අලුත්ම වාර්තාවකින් අනාවරණය වෙයි.

චීන සබඳතා සහිතව පවත්වා ගෙන යනු ලබන තඹ ආකරයක් වටා ඉදිකර තිබු විරෝධතා කඳවුරු ඉවත් කිරීම සඳහා එල්ලවූ පොලිස් ප්‍රහාර වලදී බෞද්ධ භික්ෂුන් ඇතුළු සියයක පමණ පිරිසක් පිළිස්සුම් තුවාල ලැබුහ.

විරෝධතාකරුවන් මර්ධනය සඳහා අහසට මෙන්ම ඔවුන් සිටි භූමියට කැරලි මර්ධන පොලීසිය සුදු පොස්පරස් ප්‍රහාර එල්ල කළ බව බුරුම නීතිවේදීන් ගේ සංවිධානයක් නිකුත් කල එම වාර්තාවෙන් පැවසේ.

මධ්‍යම බුරුමයේ මොනිවා ප්‍රදේශයේ පිහිටි මෙම තඹ ආකරය පුළුල් කිරීමට එරෙහිව මාස කිහිපයක් පැවති විරෝධතා මෙම ප්‍රහාරයෙන් අවසන් විය.

මෙම වාර්තාව පිළිබඳව බුරුම බලධාරීන් විසින් තවමත් ප්‍රතිචාර දක්වා නැත.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.