නාවික හමුදාව අතරමංවූ විදේශිකයන් පිරිසක් බේරා ගනී

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 16 සෙනසුරාදා - 16:59 GMT

මඩකලපුව, සංගමන් කන්ද තුඩුවට කිලෝ මීටර් 250 ක් ඈත මුහුදේ අතරමංව සිටි විදේශිකයන් තිස් දෙදෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගන්නා ලද බව නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු කෝසල වර්ණසූරිය ප්‍රකාශ කරයි.

මියන්මාර් ජාතිකයන් යයි සැක කෙරෙන එම කණ්ඩායම දින කීපයක්ම ජලය හෝ ආහාර නොමැතිව මුහුදේ ගත කර ඇති බවත්, රෝගී තත්වයක සිටියවුන්ගෙන් හතර දෙනකුගේ තත්වය බරපතල බවත් ශ්‍රී ලංකා නාවික හමුදා ආරංචි මාර්ගවල සඳහන්.

ගාලු වරායෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නැවක් මගින් ඉහත කී කණ්ඩායම බේරාගෙන ඇති අතර , ඔවුන් රැගත් නැව හෙට ගාල්ලට ලඟා වනු ඇතැයිද නාවික හමුදා ආරංචි මාර්ග වලින් පැවසේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.