විදේශීය කම්කරුවන්ට එරෙහිව සිංගප්පූරුවේ උද්ඝෝෂණ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 16 සෙනසුරාදා - 16:28 GMT

විදේශීය කම්කරුවන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පැවතීම සම්බන්ධයෙන් විරෝධය පල කරන සිය ගණනක් සිංගප්පූරු වැසියෝ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙති.

සිංගපූරුවේ එවැනි දේශපාලන උද්ඝෝෂණයක් දියත්වීම ඉතාම දුර්ලභ සිද්ධියක්.

වසර ගණනාවකට පසුව සින්ගප්පූරුවේ දියත් කෙරුණ එම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයට දහසකට අධික ජනතාව එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

ප්‍රති විරුද්ධ මත නොඉවසන ඉතාම දැඩි සමාජ පාලනයක් සහිත රාජ්‍යයක ජනතාව, සිය විරෝධතා පල කිරීම සඳහා තව දුරටත් බිය නොවන බව, ඉහත කී ජන සහභාගිත්වය තුලින් පෙන්නුම් කෙරෙන්නේ යයි, අද උද්ඝෝෂණ ව්‍යාපාරයේ සංවිධායකයෝ පවසති.

දැනට රට තුල පවතින දරු උපත් මට්ටම අනුව 2030 වනවිට රටේ ජනගහනයෙන් සීයට 45 ක් විදේශිකයන් වනු ඇතැයි, සිංගප්පූරු ආණ්ඩුව ඇස්තමේන්තු කර තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.