බීබීසී මාධ්‍යවේදීහු වැඩ වර්ජනයක

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 18 සඳුදා - 15:39 GMT
BBC strike

මාධ්‍යවේදීන්ගේ රැකියා අහිමිවීම වැළැක්වීම සඳහා බීබීසීයට දැනට වඩා පියවර ගත හැකි බව වෘත්තීය සමිතියේ මතයයි

බීබීසී මාධ්‍යවේදීන් දියත් කළ වැඩ වර්ජනයක් හේතුවෙන් බ්‍රිතාන්‍යය පුරාම බොහෝ ගුවන් විදුලි සහ රූපහවිනී වැඩ සටහන් පවත්වාගෙන යාමට බාධා පැමිණුනි.

බීබීසී මාධ්‍යවේදීන් පිරිසකගේ රැකියා කප්පාදුවට එරෙහිව මාධ්‍යවේදීන්ගේ ජාතික වෘත්තීය සමිතිය විසිනුයි, එම වැඩ වර්ජනය කැඳවා තිබුනේ.

බීබීසීයේ වියදම් කප්පාදු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් රැකියා අහිමි වන මාධ්‍යවේදීන් 150 ක ගෙන් වැඩි පිරිසකට ආයතනය තුලම වෙනත් රැකියා සපයා දීමට උත්සාහ කරන බවයි, පාලනාධිකාරිය පවසන්නේ.

කෙසේ වෙතත් ඔවුන්ට රැකියා අහිමිවීම වැළැක්වීම සඳහා බීබීසීයට දැනට වඩා පියවර ගත හැකි බව වෘත්තීය සමිතියේ මතයයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.