ජපාන අගමැතිගේ ප්‍රකාශය ගැන චීනයේ විමතිය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 22 සිකුරාදා - 17:39 GMT
Japanese PM Shinzo Abe

ජනතා ප්‍රසාදය පවත්වා ගැනීම පිණිස චීන බලධාරීන් විසින් අසල්වැසි රටවල් සමඟ පවතින අර්බුද යොදා ගනු ලබන බව ජපාන අගමැතිවරයා පවසයි

දේශසීමාව පිලිබඳව අසල් වැසි රටවලට අභියෝග කිරීම චීන පාලකයන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවට ජපානයේ අගමැති ශින්සෝ අබේ විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව චීන බලධාරීහු විමතිය පළ කළහ.

ජපානය සහ අනෙක් අසල්වැසි රටවල් සමඟ පවතින අර්බුද රටේ ජනතා ප්‍රසාදය පවත්වා ගැනීම පිණිස චීන බලධාරීන් විසින් යොදා ගනු ලබන බව ජපාන අගමැතිවරයා වොෂින්ටන් පෝස්ට් පුවත්පතට පවසා තිබිණ.

ජනාධිපති ඔබාමා සමඟ සාකච්ඡා පැවැත්වීම පිණිස ජපාන අගමැතිවරයා එක්සත් ජනපදයේ සංචාරයක නිරතව සිටියි.

නැගෙනහිර චීන මුහුදේ දූපත්වල අයිතිය සම්බන්ධයෙන් පවතින මතභේද හේතුවෙන් ජපානය සහ චීනය අතර සම්බන්ධතා පලුදු වී තිබේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.