ඊජිප්තුවේ සංචාරක බැලුමක් පුපුරා 19 දෙනෙක් මරුට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 26 අඟහරුවාදා - 12:59 GMT
Baloon crash

මෙයට තුන් වසරකට පෙර දී බැලුමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පසු බැලුම් පියාසර කිරීමේදී අවශ්‍ය සුරක්ෂිත භාවය තහවුරුව නොමැති වීම පිළිබඳව සැලකිල්ල යොමුව තිබිණ

ඊජිප්තුවේ ලක්සෝර් නගරය අසළ අහසේ සංචාරකයන් රැගෙන පියාසර කරමින් තිබූ බැලුමක් පුපුරා යෑමෙන් එහි ගමන් කළ දහනව දෙනෙක් මරුමුවට පත්වූහ.

මීටර තුන්සියයකට ඉහල අහසේ පියාසර කරමින් තිබියදී ගෑස් සිලින්ඩරයක් පුපුරා යැමෙන් පසු ඇතිවූ ගින්නකින් පසු බැලුම ලක්සෝර් නගරයට බටහිරින් පිහිටි ගොවිබිම් වෙත කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවූ බවයි බැලුම් සංචාර මෙහෙයවන සමාගම ප්‍රකාශ කරන්නේ.

මියගිය පිරිස අතරින් අඩක් හොංකොං ජාතිකයින් වන අතර තවත් තිදෙනෙක් බරපතල තුවාල ලැබූහ.

ලක්සෝර් අවට පිහිටි ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථාන නැරඹීම සඳහා විශාල බැලුම් වලින් පියාසර කිරීම සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය වුවත්, මෙයට තුන් වසරකට පෙර දී බැලුමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පසු බැලුම් පියාසර කිරීමේදී අවශ්‍ය සුරක්ෂිත භාවය තහවුරුව නොමැති වීම පිළිබඳව සැලකිල්ල යොමුව තිබු බවයි, කයිරෝ නුවර බීබීසී වාර්තා කරු ප්‍රකාශ කරන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.