ඉස්ලාමීය නායකයාගේ මරණ දඬුවමට එරෙහිව බංග්ලාදේශයේ උද්ඝෝෂණ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 1 සිකුරාදා - 14:01 GMT
Protests in Bangladesh

බ්‍රහස්පතින්දා මරණ දඬුවම පැනවීමෙන් අනතුරුව පැතිර ගිය ගැටුම් වලදී ,මේ වනවිට මරණයට පත් ගණන අඩු තරමින් තිස්පස් දෙනෙක්

ජමාට් ඉ ඉස්ලාමීය පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයකු වන දෙල්වාර් හොසේන් සයිඩීට විශේෂ උසාවියකින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබීමට එරෙහිව අද දිනයේත් උතුරු බංග්ලාදේශයේ ප්‍රචණ්ඩ විරෝධතා ව්‍යාපාර පැවැත්විණ.

පාලක අවාමි ලීගයේ සාමාජිකයන් සහ ජමාට් ඉ ඉස්ලාමීය පක්ෂයේ අධාරකරුවන් අතර ගැටුම්වලදී එක් තැනැත්තකු මරා දමනු ලැබ ඇති බව පොලිසිය පවසයි.

ජමාට් ඉ ඉස්ලාමීය නායකයාට බ්‍රහස්පතින්දා මරණ දඬුවම පැනවීමෙන් අනතුරුව පැතිර ගිය ගැටුම් වලදී ,මේ වනවිට මරණයට පත් ගණන අඩු තරමින් තිස්පස් දෙනෙක්.

1971 බංග්ලාදේශ් නිදහස් සටන සමයෙහි සිදුකරන ලද ස්ත්‍රී දූෂණ, වධ හිංසාවන් සහ මිනී මැරුම් සම්බන්ධයෙනුයි, Delwar Hossain Sayedee ට මරණ දඬුවම නියම කෙරුණේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.