බංග්ලාදේශයේ අලුත් ප්‍රචණ්ඩ ප්‍රහාරවලින් තිදෙනෙක් මිය යති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 2 සෙනසුරාදා - 13:54 GMT

ජමාට් ඉ ඉස්ලාම් පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයකුට විශේෂ උසාවියකින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබීමට එරෙහිව බංග්ලාදේශයේ ගෙනයමින් පවතින අලුත් ප්‍රචණ්ඩ ප්‍රහාරවලදී අඩු තරමින් තුන් දෙනකුවත් මරණයට පත්ව ඇති බවයි වාර්තා වෙයි.

ජමාට් ඉ ඉස්ලාමීය පක්ෂයේ නියෝජ්‍ය සභාපති, දෙල්වාර් හොසේන් සයිඩීට (Delwar Hossain Sayedee) ට මරණ දණ්ඩනය නියම කෙරුනේ, 1971 බංග්ලාදේශ් නිදහස් අරගලය අවධියෙහි, සිදුකරන ලද, ස්ත්‍රී දූෂණ ,වධ හිංසා සහ මිනීමරුම් චෝදනාවලට ඔහු වරදකරු වන බව තීන්දු වීමෙන් පසුව.

බ්‍රහස්පතින්දා එම තීන්දුවෙන් අනතුරුව පැතිර ගිය ප්‍රචණ්ඩ ගැටුම්වලදී, මේ වනවිට මරා දමා ඇති ජන සංඛ්‍යාව හතළිහකට වැඩියි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.