එමීර් ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත 94 කට නඩු

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 4 සඳුදා - 13:13 GMT
The suspects at court

ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට හෝ මාධ්‍ය ආයතනවලට උසාවියට පිවිසීමට අවසර ලැබුනේ නැතැයි මානව හිමිකම් සංවිධානයක් ප්‍රකාශ කළේය

එක්සත් අරාබි එමීර් ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත්‍රණය කරන ලද බවට චෝදනා ලද සියයකට ආසන්න පිරිසකට එරෙහිව අබුඩාබි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු විභාගයක් ආරම්භ කෙරිණ.

සැකකරුවන් අනූ හතර දෙනාම එමීර් පුරවැසියන් වන අතර, විනිසකරුවෝ, නීතිවේදීහු, උගත්තු සහ ශිෂ්‍ය නායකයෝද ඔවුන් අතර සිටිති.

මුස්ලිම් සහෝදරත්වය සංවිධානය සමඟ සම්බන්ධකම් සහිත රහස් සංවිධානයක් ගොඩ නගන ලද බවටයි එමිරේට් බලධාරීන් ඉහත කී කණ්ඩායමට චෝදනා කර තිබෙන්නේ.

නඩු විභාගය ආරම්භයේදී ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට හෝ මාධ්‍ය ආයතනවලට උසාවියට පිවිසීමට අවසර ලැබුනේ නැතැයි බ්‍රිතාන්‍යය මූලස්ථාන කරගත් මානව හිමිකම් සංවිධානයක් ප්‍රකාශ කළේය.

එවැනි පියවරක් ගනු ලැබීම ලැජ්ජා සහගත බවයි එම මානව හිමිකම් සංවිධානය පවසන්නේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.