කෙන්යාවේ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකා ගණන් කිරීම් ප්‍රමාදයි.

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 6 බදාදා - 16:48 GMT
kenya vote

ගණන් කිරීමේදී ඉවත දමන ලද අවලංගු ඡන්ද පත්‍රිකා අවසාන ප්‍රතිපලය තීන්දු කිරීමේදී සැලකිල්ලට ගත යුතු නැතැයි කෙන්යා ජනාධිපතිවරණයෙන් ඉදිරියෙන්ම සිටින අපේක්ෂක,උහුරු කෙන්යාටා කියා සිටී.

මෙම ජනාධිපතිවරනයේදී ප්‍රතික්ෂේප කෙරුන ඡන්ද පත්‍රිකා ගණන් ගත්තොත්, ඉදිරියෙන්ම සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන උහුරු කෙන්යාටාට සහ ඊළඟට සිටින රෙයිලා ඔඩින්ගා යන අපේක්ෂකයන් දෙදෙනාටම ජයග්‍රහණයට අවශ්‍ය ඡන්ද ප්‍රතිශතය ලැබෙන්නේ නැත.

බැහැරලන ලද ඡන්ද පත්‍රිකාද අවසාන ප්‍රතිපලය තීන්දු කිරීමේදී සැලකිල්ලට ගනු ලබන බව කෙන්යා මැතිවරණ කොමිසම මුලින් ප්‍රකාශ කළත්,දැන් කියන්නේ සියලුම ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි.

කෙන්යාවේ නව මැතිවරණ රෙගුලාසි අනුව මෙවර ඡන්ද ගණන් කිරීමේදී විශාල ප්‍රමාදයක් සිදුවුනත්,උහුරු කෙන්යාටා සැලකිය යුතු මට්ටමේ ඡන්ද සංඛ්‍යාවකින් ඉදිරියෙන් සිටින බවයි වාර්තා වන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.