ජනාධිපති හියුගෝ චාවේස් අවසන් ගමනේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 8 සිකුරාදා - 17:56 GMT
Hugo Chavez funeral

අවමඟුල් උළෙල අද නිල මට්ටමින් පැවැත්වුනත්, මෘත දේහය මහජන ගෞරවය සඳහා තවත් සතියක් ප්‍රදර්ශනය කෙරෙන බව නිවේදනය කොට තිබේ

අභාවප්‍රාප්ත වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස්ගේ නිල අවමඟුල් උළෙලට සහභාගි වීම සඳහා අති විශාල ජනකායක් කරකාස් අගනුවරට ලඟා වී සිටියහ.

රාජ්‍ය නායකයන් තිහක් පමණ ද සිකුරාදා පැවැත්වෙන නිල අවමඟුල් උළෙලට සහභාගී වී සිටිති.

හියුගෝ චාවේස්ගේ දිගුකාලීන මිතුරන් දෙදෙනකු වන කියුබාවේ ජනාධිපති රාවුල් කස්ත්‍රෝ, ඉරාන ජනාධිපති මහමුද් අහ්මදිනේජාඩ් සහ බෙලරුසියාවේ ජනාධිපතිවරයා ද එම රාජ්‍ය නායකයන් අතර සිටිති.

හියුගෝ චාවේස්ගේ අවමඟුල් උළෙල අද නිල මට්ටමින් පැවැත්වුනත්, මෘත දේහය මහජන ගෞරවය සඳහා තවත් සතියක් ප්‍රදර්ශනය කෙරෙන බවයි නිවේදනය කෙරුනේ.

දිගු කලක් පවත්වා ගත හැකි මට්ටමින් බෙහෙත් ගල්වනු ලැබ ඇති දේහය යුද කෞතුකාගාරයක නිත්‍ය ප්‍රදර්ශනයට තැන්පත් කිරීමටත් වෙනිසියුලානු බලධාරීන් තීන්දු කර තිබේ.

මේ අතර වැඩබලන ජනාධිපති නිකොලස් මදුරෝ, වැඩබලන ජනාධිපතිවරයා හැටියට දිව්රුම් දීමට නියමිතව තිබිණ.

අනතුරුව ඔහු නව ජනාධිපතිවරණය කැඳවීමේ ප්‍රකාශය නිකුත් කරනු ඇති බවයි සැලකෙන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.