සිරියාවේ අනාගතය සිරියානුවන්ම තීරණය කළ යුතුයි - රුසියාව

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 8 සිකුරාදා - 14:02 GMT
Sergei Lavrov

රටක අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමේ ක්‍රියාදාමයන්ට තම රට මූලධර්මයක් හැටියට විරුද්ධ බව රුසියාවේ විදේශ ඇමතිවරයා පවසයි

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට පදවියෙන් ඉවත්ව යන මෙන් පැවසීමට දැනට පවතින අදියරේදී රුසියාවට කිසිදු ඉඩකඩක් නැතැයි විදේශ ඇමති සෙර්ගෙයි ලව්රෝෆ් ප්‍රකාශ කරයි.

බීබීසී ය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් දැක්වූ රුසියානු විදේශ ඇමතිවරයා කියා සිටියේ, රුසියාව ආණ්ඩු වෙනස් කිරීමේ සූදුවක නිරත නොවන බවයි.

රටක අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමේ ක්‍රියාදාමයන්ට තම රට මූලධර්මයක් හැටියට විරුද්ධ බවයි රුසියාවේ විදේශ ඇමතිවරයා පවසන්නේ.

කෙසේ නමුත් සාකච්ඡා සඳහා සහභාගී වීමේ පූර්ව කොන්දේසියක් වශයෙන් ජනාධිපති අසාද් පාලන බලය අත්හැරිය යුතුව ඇති බව සිරියානු විපක්ෂයේ තර්කයයි.

එහෙත් සිරියාව පාලනය විය යුත්තේ කා යටතේද යන්න රුසියාව නොව සිරියානුවන් විසින්ම තීන්දු කළ යුතුව ඇති බවයි විදේශ ඇමති ලව්රොෆ් පෙන්වා දෙන්නේ.

රුසියානු විදේශ ඇමති ලව්රොෆ් සහ බ්‍රිතාන්‍ය විදේශ ඇමති විලියම් හේග් ලබන සතියේ ලන්ඩනයේදී මුණ ගැසීමට නියමිතයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.