ප්‍රකාශිත ප්‍රතිපලයට එරෙහිව උසාවිය ඉදිරියේ අභියෝග කරනවා - රයිලා ඔඩිංගා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 9 සෙනසුරාදා - 18:16 GMT

කෙන්යා ජනාධිපතිවරණයෙන් පරාජයට පත් අපේක්ෂක, රයිලා ඔඩිංගා (Raila Odinga) ප්‍රකාශයක් කරමින්, ප්‍රකාශිත ප්‍රතිපලයට එරෙහිව උසාවිය ඉදිරියේ අභියෝග කරන බව කියා සිටී.

මහා පරිමාණයෙන් සිදු කෙරුන නීතියට පටහැණි ක්‍රියා මගින් ජනාධිපතිවරණය, දූෂිත එකක් බවට පත් වූ අතර, එමගින් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් එල්ල කෙරුන බවයි පරාජිත අපේක්ෂක, ඔඩිංගා ප්‍රකාශ කළේ.

එහෙත් කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීම, කෙන්යාව මහා විනාශයකට ඇද දැමීමක් විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීමක්ද කළේය.

කෙන්යා ජනාධිපතිවරණ ප්‍රතිපල නිවේදනය කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ, ජයග්‍රාහී අපේක්ෂක උහුරු කෙන්යාටා (Uhuru Kenyatta) ප්‍රකාශිත ඡන්දවලින් 50.7%ක් කබා ඇති බවයි.

එම නිවේදනය අනුව උහුරු කෙන්යාටා, මෙවර ජනාධිපතිවරණයෙන් ජයගෙන තිබෙන්නේ ඉතා අඩු ජන්ද ප්‍රතිශතයකින්.

දෙවැනි වටයකට නොගොස් ජනාධිපති පදවිය දිනා ගැනීමට කෙන්යාටා සමත්ව සිටී

කෙසේවුවද, එම ප්‍රතිපලය අනුව දෙවැනි වටයකට නොගොස් ජනාධිපති පදවිය දිනා ගැනීමට කෙන්යාටා සමත්ව සිටී.

මෙම ජනාධිපතිවරනයේදී තමන්ට තාක්ෂණික ගැටලුවලට මුහුණ දීමට සිදු වුනත්, ඡන්ද විමසීම් සහ ගණන් කිරීම් විශ්වසනීය සහ පාරදෘශ්‍ය මට්ටමින් සිදු කෙරුන බවයි කෙන්යා මැතිවරණ කොමිසම පවසන්නේ.

ජනාධිපතිවරනයේදී 86%ක ඡන්දදායක සහභාගිත්වයක් වාර්තා වුන අතර, එය රටේ මෑත ඉතිහාසයේ සිදු වුන වැඩිම මැතිවරණ සහභාගිත්වයයි.

ජයග්‍රාහී අපේක්ෂක උහුරු කෙන්යාටා ,2007 කෙන්යා මැතිවරණයෙන් පසු සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ චෝදනා ලැබ සිටින්නෙක්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.