ඇමෙරිකාව සහ තාලිබාන් ව්‍යාපාරය කුමන්ත්‍රණයක - ජනාධිපති කර්සායි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 10 ඉරිදා - 14:25 GMT
President Karzai

ගල්ෆ් කලාපයේදී තාලිබාන් ව්‍යාපාරය සමඟ සාකච්ඡා පවත්වන ලද බවට ජනාධිපති කර්සායි ඇමෙරිකා එක්සත් ජනපදයට චෝදනා කළේය

ඇමෙරිකානු හමුදා ඇෆ්ඝනිස්තානයෙන් ඉවත් වුවහොත් ප්‍රචණ්ඩ ක්‍රියා තව තවත් උග්‍ර වනු ඇති බවට මතයක් ගොඩ නඟා ජනතාව බිය වැදීමට උත්සාහ දරන බවට ඇෆ්ඝනිස්තානයේ ජනාධිපති හමීඩ් කර්සායි තාලිබාන් ව්‍යාපාරයට සහ එක්සත් ජනපදයට චෝදනා කරයි.

සෙනසුරාදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ද ඇමෙරිකානු හමුදා තවදුරටත් රටේ රඳවා ගැනීම ඉලක්ක කරගෙන සිදු කෙරුණක් බව ජනාධිපතිවරයාගේ මතයයි.

තාලිබාන් ව්‍යාපාරය එම ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබේ.

ගල්ෆ් කලාපයේදී තාලිබාන් ව්‍යාපාරය සමඟ සාකච්ඡා පවත්වන ලද බවට ද ජනාධිපති කර්සායි ඇමෙරිකා එක්සත් ජනපදයට චෝදනා කළේය.

ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන කාබුල් අගනුවර පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය, ඇෆ්ඝනිස්තානය මූලික කොටගත් සාකච්ඡා ක්‍රියා දාමයකට එක්සත් ජනපදය සහයෝගය දුන් බව පිළිගෙන තිබේ.

එහෙත් එක්සත් ජනපදය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නැති බව පවසමින් තාලිබාන් ව්‍යාපාරය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.