අභිනව පාප් වහන්සේ පළමු ෆ්‍රැන්සිස් ආජන්ටිනාවෙන්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 13 බදාදා - 19:20 GMT
New Pope

ලෝකයේ කෝටි එකසිය විස්සක් බැතිමතුනගේ නායකයා වන, දෙසිය හැට වැනි පාප් වහන්සේ වශයෙන් පත් කොට ගෙන ඇත්තේ ආජන්ටිනාවේ හොර්ගේ බෙර්ගොග්ලියෝ කාදිනල් වරයායි

කතෝලික සභාවේ අභිනව නායකත්වය තෝරා පත් කර ගන්නා ලද බව වතිකානය නිවේදනය කළේය.

ලෝකයේ කෝටි එකසිය විස්සක් බැතිමතුනගේ නායකයා වන, දෙසිය හැට වැනි පාප් වහන්සේ වශයෙන් මාර්තු දහතුන් වැනි දා පත් කොට ගෙන ඇත්තේ ආජන්ටිනාවේ හොර්ගේ බෙර්ගොග්ලියෝ කාදිනල් වරයායි.

මෙතැන් පටන් උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ පළමු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නමින්.

වතිකානයේ සිස්ටීන් දේවස්ථානයට රැස්වූ කාදිනල් වරුන් 115 දෙනකු නව පාප් වහන්සේ තෝරා ගැනීමට දෙදිනක් තිස්සේ පස් වතාවක් ඡන්දය පාවිච්චි කොට තිබේ.

කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් ප්‍රනාන්දු කාදිනල් වරයාද මෙම පාප්වරණයට සහභාගී විය.

ලෝකයේ අඩුම පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන වඩාත්ම රහසිගත මැතිවරණ යකින් තෝරා පත් කර ගනු ලබන පාප් පදවියට නිල කාල සීමාවක් නැත.

අසූ පස් වියේ පසුවන ජර්මන් ජාතික සොළොස් වන බෙනඩික්ට් පාප් වහන්සේ පෙබරවාරියේ විශ්‍රාම යාමෙන් අනතුරුවයි ධුරය පුරප්පාඩු වුයේ.

එවන් ස්වෙච්ඡායෙන් විශ්‍රාම ගැනීමක් පාප් වහන්සේ නමක් සිදුකොට ඇත්තේ මෙයින් සියවස් හතකට ඉහතදී.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.