චීනය රුසියාව සමග සබඳතා තර කරයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 23 සෙනසුරාදා - 16:52 GMT

රුසියාවෙන් ආනයනය කරන ඛනිජ තෙල් ප්‍රමාණය තෙගුණ කිරීම සඳහා වූ ගිවිසුමකට චීන අගමැති ෂි ජින්පින් සහ රුසියානු නායක ව්ලැදිමීර් පුතින් අත්සන් තබති.

මේ අනුව චීනය රුසියාවෙන් මිලට ගන්නා තෙල් ප්‍රමාණය වසරකට ටොන් දශ ලක්ෂ පනහකින් ඉහළ නැංවීමට නියමිතයි.

මෙම ගිවිසුම ඇති කර ගනු ලැබුවේ ෂි ජින්පින් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු රුසියාවේ සිදුකරන පළමු සංචාරයේදී.

දෙරට අතර සබඳතා වර්ධනය වීම ලෝක සාමය තහවුරු කරන කරුණක් බවයි දෙරටේ නායකයන් පවසන්නේ.

2018 වසර වන විට රුසියාවෙන් ගෑස් මිලදී ගැනීම සඳහා වූ යෝජනාවකටද නායකයන් දෙපළ අත්සන් තබා තිබේ.

රුසියාවේ තුන් දින නිල සංචාරයක නිරතවෙන චීන නායක ෂි ජින්පින් ලබන ඉරිදා අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිතයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.