වසර හයසීයකට පසු පාප් වහන්සේ දෙනමක් එකට මුණගැසේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 23 සෙනසුරාදා - 16:34 GMT

ඉතාලියේ ගන්දොල්ෆෝ මාලිගයේදී ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ පදවියෙන් ඉවත් වූ බෙනඩික් පාප් වහන්සේ හමුවිය.

පදවියට පත්වීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාවේ හිටපු ප්‍රධානියා මුණ ගැසුන පළමු අවස්ථාව මෙයයි.

මෙසේ පාප් ධුරය හෙබවූ දෙදෙනෙක් එකට මුණ ගැසී ඇත්තේ වසර හයසීයකට පසුව.

ඔවුන් දෙපළ අතර කෙරුණු සාකච්ඡා පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කර නැති අතර හිටපු බෙනඩික් පාප් වහන්සේ සහ වත්මන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අතර කෙබඳු සබඳකමක් ගොඩ නැගෙනු ඇත්දැයි බොහෝදෙනා විමසිල්ලෙන් සිටින බවයි රෝම අගනුවර සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.