පකිස්තානයෙන් පලා ගිය මුෂර්රෆ් යලි සිය රට පැමිණේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 24 ඉරිදා - 17:12 GMT
Pervez Musharraf

මැයි මාසයේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය වෙනුවෙන් පක්ෂය සංවිධානය කිරීමටයි මුෂර්රෆ් යලි සිය රට බලා පැමිණියේ

වසර හතරක් තිස්සේ රටින් පලා ගොස් සිටි පකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂර්රෆ් නැවත පකිස්ථානයට පැමිණියේය.

ඔහු කරච්චි ගුවන්තොටුපලට ලඟා වෙද්දී ඔහු පිළිගැනීම පිණිස සිය ගණනක් ආධාරකරුවෝ එහි පැමිණ සිටියහ.

ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය වෙනුවෙන් සිය පක්ෂය සංවිධානය කිරීමටයි ජනරාල් මුෂර්රෆ් යලි සිය රට බලා පැමිණියේ.

නැවත මව් බිමට පය තැබීම ඉතා හැඟීම්බර අවස්ථාවක් වූ බව ජෙනරාල් මුෂර්රෆ් බීබීසී යට කියා සිටියේය.

නමුත් තමා මුහුණ දෙන අවදානම පිළිබඳව මිශ්‍ර හැගීම් පවතින බවයි ඔහු තව දුරටත් කියා සිටියේ.

ජනරාල් මුෂර්රෆ් මරා දමන බවට තාලිබාන් ව්‍යාපාරය තර්ජනය කර ඇති අතර ආරක්ෂක හේතුන් මත කලින් සංවිධානය කර තිබු ජන රැළියක් ද නතර කර දැමීමට ඔහුට සිදු විය.

වසර 1999 දී දියත් වූ හමුදා කුමන්ත්‍රණයකින් ජනරාල් මුෂර්රෆ් පකිස්ථානයේ බලය අත් පත් කර ගත් අතර වසර 2008 දී ඔහුට ජනාධිපති පදවියෙන් ඉවත් වීමට සිදු විය.

ඔහු රටින් පිට වූයේ ජනපති පදවියෙන් ඉවත් වී වසරක් ගතවීමෙන් අනතුරුවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.