ඇෆ්ගන් බටහිර ෆාරා ( Farah) ප්‍රාන්තයේ ප්‍රහාර මාලාවක්

ඇෆ්ගන් සටන්කාමීන් විසින් බටහිර දිග ෆාරා ( Farah) ප්‍රාන්තයේ එල්ල කළ ප්‍රහාර මාලාවකින් අඩුම වශයෙන් හය දෙනකු මියගොස් තිබේ.

හැත්තෑවකට වැඩි පිරිසක් තුවාල ලබා සිටින අතර ඉන් බොහෝ දෙනෙක් සාමාන්‍ය වැසියන්.

ප්‍රහාරකයන්ගේ ඉලක්ක වී තිබුනේ අධිකරණය, ආණ්ඩුකාර නිල නිවාසය ඇතුළු ප්‍රාන්ත අගනුවර රජයේ ගොඩනැගිලි කිහිපයක්.

අඩුම වශයෙන් එක් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අනතුරුව දිගු වෙඩි හුවමාරුවක් හටගෙන තිබේ.

ප්‍රහාරය සැලසුම් කොට ඇත්තේ තාලිබාන් සැකකරුවන් පිරිසකට එරෙහි නඩු විභාගයක් හා සමගාමීව බව පෙනී යයි.

ඉරාන දේශසීමාවේ පිහිටි ෆාරා ප්‍රාන්තය සටන්කාමීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ දිගු කාලීන ඉතිහාසයක් ඇති පලාතක්