නේටෝ ගුවන් ප්‍රහාරයෙන් ඇෆ්ගනිස්ථානයේ ජීවිත හානි

afghan

නේටෝ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ඝන් පොලිස් භටයන් හතර දෙනකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනකු මිය ගොස් ඇතැයි ඇෆ්ඝනිස්තානයේ නැගෙනහිර පළාතෙන් ලැබෙන වාර්තා වී ඇත.

ඇෆ්ඝන් ආරක්ෂක හමුදා විසින් පාලනය කෙරෙන මුර පොළකට නේටෝ ප්‍රමුඛ හමුදා ප්‍රහාරය එල්ල වන විට ඇෆ්ඝන් පොලිස් භටයන් වාහනයක් පරීක්ෂා කරමින් සිටි බවයි ගසානි පළාතේ නිලධාරීන් ප්‍රකාශ කළේ. එම ප්‍රහාරය ගැන තමන්ට දන ගන්නට ලැබී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනයක් පැවැත්වෙන බවත් කාබුල් නුවර සිටින නේටෝ ප්‍රකාශකයෙක් පැවසීය.

නේටෝ ප්‍රහාරවලින් මිය යන ඇෆ්ඝනිස්තානු පුද්ගලයන් සම්බන්ධයෙන් ඇෆ්ඝනිස්තානු රජයත් විදෙස් හමුදා අතරත් උණුසුම් තත්වයක් හට ගැනීමට හේතු වී ඇත.