කෙස් නැති හිස් ඇති අයට හෘද රෝග අනතුරක්

හිසේ කෙස් අඩු පිරිමින් අතර හෘදයාබාධ වැළඳීමට ඇති ප්‍රවනතාව ඉහල බව ජපානයේ සිදු කළ පර්යේෂණයකින් හෙළිවී තිබේ.

පුද්ගලයින් තිස් දහසක් යොදා ගනිමින් සිදු කළ මෙම පර්යේෂණයේ දත්ත වලින් කියවෙන පරිදි, හිස් මුදුනේ කෙස් අඩුවූ පිරිමින් හෘද රෝග වලට ගොදුරු වීමට සියයට තිස් හතක ප්‍රවනතාවක් දක්වන අතර ඉදිරියෙන් හිස මුඩු බවට පත්වන්නන් හා හෘද රෝග වැළඳීම අතර සබඳතාවයක් හෙළි වී නැති බවයි ජපන් විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ.

තරබාරු වීම සහ දුම් පානය

එහෙත්, හිසකෙස් අඩු වීම සහ හෘද රෝග අතර සබඳතාවය පැහැදිලිව හෙළි කරගැනීමට ඔවුනට නොහැකිවී ඇති බවද පැවසෙන අතර මෙම තොරතුරු තම වෙබ් අඩවියේ පළකල බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමය ප්‍රකාශ කරන්නේ මෙම තොරතුර වැදගත් වුවත් තරබාරු වීම සහ දුම් පානය දැඩි ලෙස හෘද රෝග සඳහා බලපාන බව අමතක නොකළ යුතු බවයි.