භූමි කම්පාවෙන් තුවාල ලැබූවන් බේරා ගැනීමට හෙලිකොප්ටර්

Pakistan, Iran earthquake
Image caption භූමි කම්පාවෙන් කලබලයට පත් පාකිස්තානවාසීන්

ඉරාන දේශසීමාව සමීපයේ පිහිටි ඉතා දුෂ්කර ප්‍රදේශයක අඟහරුවාදා හටගත් භූමි කම්පාවෙන් බරපතල තුවාල ලැබූවන් බේරා ගැනීම පිණිස පාකිස්තාන හමුදාව හෙලිකොප්ටර් යොදා ගනිමින් සිටියි.

රික්ටර් මාපකයෙන් 7.8ක් සටහන් වූ බලගතු භූමි කම්පාවෙන් පාකිස්තානවාසීන් 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඉරානයේ දුෂ්කර පලාතක හටගත් භූමි කම්පාව අසල්වැසි පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයටද ප්‍රබල විනාශයක් කළ අතර එහි බලපෑම ඉන්දියාව සහ ගල්ෆ් කලාපීය රටවලටද බලපෑවේය.

කෙසේ නමුත් එයින් කිසිදු ජීවිත විනාශයක් වාර්තා වී නැති බවයි, ඉරාන බලධාරීන් පවසන්නේ.