ඊශ්‍රායලයේ Eilat නගරයට රොකට් ප්‍රහාර දෙකක්

ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ සිට, ඊශ්‍රායලයේ Eilat නගරයට රොකට් ප්‍රහාර දෙකක් එල්ල වෙයි.

ඒවා විවෘත ප්‍රදේශයකට පතිතවීම නිසා කිසිවෙකුට හානියක් සිදුවී නැති බවත් වෙනත් අලාභ හානියක් සිදුවී නැති බවත් Eilat නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Eilat නගරයට ඉකුත් නොවැම්බර් මාසයේදීත් රොකට් ප්‍රහාරයක් එල්ල එල්ල විය.

මීට වසර දෙකකට පෙර, ඊජිප්තුවේ Hosni Mubarak ජනාධිපතිවරයා ධුරයෙන් පළවා හැරීමෙන් පසු ඉස්ලාමීය සටන්කාමීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඊශ්‍රායලයේ අවධානය යොමුවී තිබෙන බවයි, වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.