මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ප්‍රචන්ඩතා හේතුවෙන් මිය යන දරුවන්ගේ සංඛ්‍යාව ඉහලට - එක්සත් ජාතීන්

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ප්‍රචන්ඩතා හේතුවෙන් මරුමුවට පත්වන හෝ තුවාල ලබන දරුවන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩිවෙමින් පවත්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ ළමා හා අධ්‍යාපන අරමුදල වන UNICEF ආයතනය පවසන්නේ ඉකුත් ඉරිදා රොකට් ප්‍රහාරයක් දේවස්ථානයක වහලය කඩාගෙන විත් පුපුරා යාමෙන් ළදරුවන් තුන් දෙනකු ඇතුළු හත් දෙනකු මියගිය බවයි.

මේ අතර සිකුරාදා ක්‍රීඩා පිටියක ග්‍රෙනේඩයක් පුපුරා යාමෙන් දරුවන් දාහතර දෙනකු තුවාල ලද බවත් එක්සත් ජාතීන්ගේ ළමා හා අධ්‍යාපන අරමුදල සඳහන් කළේය.

එමෙන්ම බාල වයස්කාර දරුවන් සන්නද්ධ අතුරු හමුදා වලට බඳවා ගැනෙන බවත් UNICEF ආයතනය පවසනවා.

කැරළි කරුවන් බැන්ගුයි (Bangui) අගනුවර අල්ලා ගත් පසුගිය මාසයේ පටන් වෙඩි තැබීම් හා කොල්ල කෑම් සිදුවෙමින් පවතී.