පීකේකේ (PKK) සටන්කාමීන් තුර්කියෙන් ඉවතට

පීකේකේ නමින් හැඳින්වෙන, කුර්දි සන්නද්ධ කණ්ඩායම, තුර්කියෙන් සිය සටන්කාමීන් ඉවත් කොට උතුරු ඉරාකයට යැවීමේ සැලැස්ම හෙලිදරව් කොට තිබේ.

එය සිදුවන්නේ එළඹ ඇති සාම ක්‍රියාවලියේ කොටසක් ලෙසයි.

සටන්කාමීන් ඉවත් කිරීම ලබන මැයි පස් වැනිදා ආරම්භ කොට, හැකි ඉක්මනින් අවසන් කරන බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

දිගු කාලීන යුද්ධය අවසන් කිරීම සඳහා සටන් විරාමයක්, සිර ගත කොට සිටින පීකේකේ නායක, අබ්දුල්ලා ඔචලාන් Abdullah Ocalan විසින් ඉල්ලා සිටි අතර එයින් පසුවයි, සටන් කාමීන් ඉවත් කිරීමට පියවර ගත්තේ.

ඊට ප්‍රතිචාර වශයෙන් ඉදිරි මාස කිහිප තුලදී තුර්කිය රජය විසින් වාර්ගික කුර්දි ජාතිකයන්ට අයිතිවාසිකම් පුළුල් ලෙස ලබා දෙනු ඇති බවට බලාපොරොත්තු වෙයි.

ගිනි කොන දිග තුර්කියේ ස්වයං පාලනයක් පතා දශක තුනක් මුළුල්ලේ පීකේකේ සංවිධානය විසින් දරුණු සටනක් මෙහෙයවන ලදී.