ඉස්ලාම් දහම රැකගන්නැ'යි බංග්ලාදේශයේ උද්ඝෝෂණ

Protest in Dhaka
Image caption අනාගමික ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක් වන හෙයින් ඉස්ලාමීය උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩුව පවසයි

ඉස්ලාම් දහම රැක ගැනීම සඳහා දැඩි පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් බංග්ලාදේශයේ දහස් ගණන් මුස්ලිම් ජනතාව ඩකා අගනුවර දී වීදි බැස උද්ඝෝෂණය කරමින් සිටිති.

ඉස්ලාම් දහම වෙනුවෙන් පෙනී සිටින හෙෆාසාත් - එ - ඉස්ලාම් Hefazat-e-Islam කණ්ඩායමේ ආධාරකරුවන්ගේ උද්ඝෝෂණය හේතුවෙන් ඩකා නුවර ප්‍රධාන මාර්ග අවහිර වී තිබූ අතර,

වීදි බට ජනතාව විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උන්ඩ ප්‍රහාරයක් එල්ල කළේය.

ඉස්ලාම් දහම රැක ගැනීම පිණිස දැඩි වාරණයක් හඳුන්වා දෙන ලෙසත්, පිරිමි සහ ගැහැණු සමාජය තුළ වෙන් වෙන්ව තබන ලෙසත්, ඉස්ලාම් දහමට නිගා කරන්නන්ට මරණ දණ්ඩනය පණවන ලෙසත් උද්ඝෝෂකයෝ බලකර සිටිති.

බංග්ලාදේශය අනාගමික ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක් වන හෙයින් ඉස්ලාමීය උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවයි බංග්ලාදේශ රජය කියා සිටින්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර