බංග්ලාදේශයේ ඉස්ලාම්වාදීන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

Clashes in Bangladesh
Image caption ඩකා අගනුවර අද දේශපාලන රැස්වීම් පැවැත්වීම පොලීසිය විසින් තහනම් කරනු ලැබ තිබිණ

ඉස්ලාම්වාදීන් විසින් ඩකා අගනුවර මධ්‍යයේ ගෙනයමින් තිබුන විරෝධතා ව්‍යාපාර මැඩලීමට බංග්ලාදේශ් පොලීසිය මහ ජනතාව කම්පනයට පත් කෙරෙන බෝම්බ ගසමින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

පසුගිය පැය විසිහතර ඇතුළත බංග්ලාදේශයේ ගැටුම්වලින් මරා දැමුණු ජන සංඛ්‍යාව අඩුතරමින් දහ දෙනකුවත් වන බවයි වාර්තා වන්නේ.

ඩකා නගර කේන්ද්‍රය අවට ගොඩනැගිළි පොලිසිය විසින් සෝදිසි කරද්දී, වෙඩි හඬ සහ පිපිරීම් හඬ දිගටම ඇසෙමින් තිබුන බවද වාර්තා වේ.

රට තුළ දැඩි ඉස්ලාමීය නීති රීති ක්‍රියාවට නංවන මෙන් ඉල්ලා සිටිමින්, ඉස්ලාම්වාදීන් ගෙන ගිය උද්ඝෝෂණයට දහස් ගණනක් ජනතාව සහභාගි වෙමින් සිටියහ.

ඩකා අගනුවර නීතිය සහ සාමය යලි ස්ථාපිත කිරීමට උත්සාහ ගන්නා බංග්ලාදේශ් පොලීසිය අද සඳුදා එහි දේශපාලන රැස්වීම් තහනම් කරනු ලැබයි තිබුනේ.