සෝමාලියාව ගොඩ ගත යුතුයි -ඩේවිඩ් කැමරන්

Image caption සම සභාපතිවරුන්-ඩේවිඩ් කැමරන් සහ සෝමාලියාවේ ජනාධිපති හසන් ෂෙයික් මොහමඩ්.

ත්‍රස්තවාදය පැතිරීම සහ ජනතාව සමූහ වශයෙන් රටින් පිටවීම වැළැක්වීම පිණිස සෝමාලියාව යලි ගොඩ නැගීම අත්‍යවශ්‍ය බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසයි.

බීබීසීයට අදහස් දැක්වූ ඩේවිඩ් කැමරන්, තවමත් මොගඩිෂු අගනුවරින් අවට සෝමාලියාවේ ආණ්ඩුවේ පාලනය පවතින්නේ ඉතා කුඩා ප්‍රදේශයක නමුත් විනිවිද පෙනෙන සුලුභාවය සහ අපරාධවලට දඬුවම් දීම සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රගතියක් දක්වමින් සිටින බව කියා සිටියේය.

රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන පනහකට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් දූත පිරිස් මෙම සමුළුවට එක්වී සිටිති.

මේ දිනවල ලන්ඩනයේ පැවැත්වෙන සෝමාලියාව සම්බන්ධ ජාත්‍යන්තර සමුළුවක.