අනතුරෙන් දින දාහතකට පසුව කාන්තාවක් පණ පිටින්

Reshma
Image caption තමා එහි සිරවී සිටින බව එම කාන්තාව කියමින් සිටි බව බේරා ගැනීමේ මෙහෙයුමේ නිරත වූවෝ පවසති

බංග්ලාදේශයේ කඩා වැටුන අටමහල් ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් තහඩු අතර සිර වී සිටි කාන්තාවක් අනතුර සිදු වීමෙන් දවස් දාහතකට පසුව බේරා ගනු ලැබිණ.

සුන්බුන් අතරින් කාන්තාවකගේ කටහඬක් තමන්ට ඇසුන බවක් බේරා ගැනීමේ නිරත කණ්ඩායම් ප්‍රකාශ කිරීමෙන් පසුවයි, ඇය සොයා ගැනීමේ මෙහෙයුම ආරම්භ කොට තිබෙන්නේ.

තමා එහි සිරවී සිටින බව එම කාන්තාව කියමින් සිටි බව බේරා ගැනීමේ මෙහෙයුමේ නිරත වූවෝ පවසති.

බේරා ගැනීමේ මෙහෙයුමේ නිරත සේවකයෙක් අදහස් දක්වමින්, තමන් විසින් බේරා ගනු ලැබුන එම කාන්තාව ඇය සිර වී සිටි තැන තිබුන නලයකින් ලද ජලය සහ අනතුරින් මියගිය අයගේ පිළුණු ආහාර පැකට්වල තිබු දේ කෑමෙන් පණ රැකගෙන ඇති බව සඳහන් කළේය.

ඩකා අගනුවර සීමාවේ පිහිටි අටමහල් ගොඩනැගිල්ල කඩා වැටීමේදී දහසකට අධික ජීවිත විනාශයක් සිදුව ඇති බවයි, මේවනවිට ඇස්තමේන්තු කර තිබෙන්නේ.

දින දාහතකට පසුවත් ජීවිතයක් බේරා ගැනීමට හැකි වීමේ විශ්මය දනවන සුළු සිද්ධියත් සමඟ, තවත් ජීවිත බේරා ගැනීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් පුද්ගලයන් බේරා ගැනීමේ නිරත කණ්ඩායම් තුළ නව බලාපොරොත්තුවක් ඇති කළ බව එහි සිටින බීබීසී වාර්තාකරු අන්බරසන් එතිරාජන් පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර