තුර්කි බෝම්බ ප්‍රහාරයට 'සිරියාවේ සම්බන්ධයක් නෑ'

Bomb attack on Turkey
Image caption මෙම බෝම්බ පුපුරා ගියේ සිරියානු තුර්කියේ දේශ සීමාව අද්දර ජනාකීර්ණ නගරයක දී

තුර්කියට එල්ල වූ ද්විත්ව බෝම්බ ප්‍රහාරය පසුපස සිරියාව සිටින බවට තුර්කිය කළ චෝදනා සිරියානු රජය ප්‍රතික්ෂේප කළේය.

අන්තර්ජාතික ත්‍රස්තවාදීන්ට තුර්කිය මධ්‍යස්ථානයක් කර ගැනීමට ඉඩ හැරීම නිසා ඊයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයට වක්‍රාකාරව තුර්කියම වගකිව යුතු බවයි සිරියාවේ ප්‍රවෘත්ති අමාත්‍ය ඔම්රාන් අල් සෞබි (Omran al-Zoubi) කියා සිටියේ.

හතලිස් හය දෙනෙකුට මරු කැඳවමින් මෙම බෝම්බ පුපුරා ගියේ සිරියානු තුර්කියේ දේශ සීමාව අද්දර ජනාකීර්ණ නගරයක දී.

එම ප්‍රදේශය සිරියානු යුද අනාථයන් රාශියකට නිවහන වී ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් බෝම්බ ප්‍රහාරයට සිරියානු යුද අනාථයන් කිසිදු සම්බන්ධයක් නැති අතර, සිරියානු රජය සම්පුර්ණයෙන් වගකිව යුතු බව තුර්කි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර