නවාස් ෂරීෆ් තනිවම ආණ්ඩුවක් පිහිටුවන ලකුණු

Supporters of Nawaz Sharif
Image caption ඡන්ද මධ්‍යස්ථාන අතරින් සියයට අනූවක ප්‍රමාණයක් ඉතා හොඳ මට්ටමේ පැවති බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති

හිටපු අගමැති නවාස් ෂරීෆ් ගේ පකිස්තාන් මුස්ලිම් ලීගයට සන්ධානයකට නොගොස් තනිව ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වනු ඇති බවට දැනට ලැබී තිබෙන ඡන්ද ප්‍රතිඵලවලින් පෙනී යන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

අවශ්‍ය ආසන ප්‍රමාණයේ යම් අඩු පාඩුවක් සඳහා ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට හැකියාව ඇති බවයි ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ.

මේ අතර, තම නිරීක්ෂකයින් පරීක්ෂාවට ලක් කළ ඡන්ද මධ්‍යස්ථාන අතරින් සියයට අනූවක ප්‍රමාණයක් ඉතා හොඳ සහ සෑහීමට පත් විය හැකි මට්ටමේ පැවති බව මැතිවරණ නිරීක්ෂණය සඳහා පාකිස්තානයට ගොස් සිටි යුරෝපා සංගමයේ සාමාජිකයින් පවසති.

එසේ වුවත් සමහර ප්‍රදේශයන්හි ඇවිලගිය ප්‍රචණ්ඩත්වය මගින් මැතිවරණ කටයුතු වලට දැඩි බාධා පැමිණි බවද ඔවුහු පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර