විදුලි බිල වැඩිකිරීමට හේතුව ආණ්ඩුවේ දුෂණයයි -විපක්ෂ නායක

unp protest

ආණ්ඩුව අක්‍රමවත් ලෙස ආර්ථිකය හැසිරවීමේ ප්‍රතිවිපාක ජනතාවට විඳීමට සිදුවී ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ විදුලි බිල වැඩිකිරීමට එරෙහිව කොළඹ පැවති උද්ඝෝෂණයකට සහභාගිවෙමිනි.

ආණ්ඩුව විසින් දූෂණය සහ උද්ධමනය ඇතිකිරීමේ හේතුවෙන් රටේ සෑම පුරවැසියෙකුටම රුපියල් දහ අට දහසක අතිරේක වැයක් දැරීමට සිදුව ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

"විදුලි බිල වැඩි කළේ එයාර් බස් දහයකට ගෙවන්න, රෝල්ස්- රොයිස් වලට ගෙවන්න සහ මත්තල ගුවන් තොටුපලට " යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසීය .

උද්ඝෝෂණයට දස දහසක් පමණ සහභාගි වූ අතර මෙය මෑත කාලයේ විපක්ෂය අගනුවර සංවිධානය කළ දැවැන්තතම උද්ඝෝෂණය බව කොළඹ සිට වාර්තා කරන අසාම් අමීන් කියා සිටියේය.

ආණ්ඩුවට සහාය පළ කිරීමට පැමිණි උද්ඝෝෂණකයන් පිරිසක් විපක්ෂයේ පෙළපාලිකරුවන් කොළඹ කොටුව දුම්රියපොළ අසලට පැමිණෙද්දී එතැනින් ඉවත් වූහ.

රජයට සහය පලකරන රැලියට සහභාවූ කණ්ඩායම්, එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කළේ කොටි හිතවාදීන් හා එක්ව රට දෙකඩ කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව පවසමින්.