ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීශාන්ත් ඇතුළු ක්‍රීඩකයන් තිදෙනකුට මුදලට තරග පාවා දීමේ චෝදනා

වේග පන්දු යවන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීශාන්ත් ඇතුළු ක්‍රීඩකයන් තිදෙනකු අයිපීඑල් තරගාවලියේදී මුදලට තරග පාවා දීමේ චෝදනා සම්බන්ධයෙන් පස් දිනක් පොලිස් අත් අඩංගුවේ තබා ප්‍රශ්න කිරීමට ඉන්දීය අධිකරණයේ අවසරය ලැබෙයි.

ක්‍රීඩකයන් සමගින් බුකි කරුවන් නම දෙනකු අත් අඩංගුවට ගැනුණා.

පොලිස් කොමසාරිස්, නීරෙජ් කුමාර් දිල්ලි නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ පාතාල අපරාධ කරුවන් මේ සූදූ වංචාවට හවුල් වගට සාක්ෂි ලැබී ඇති බවයි.

ශ්‍රීශාන්ත් සමග අත් අඩංගුවේ රඳවා තබා සිටින අනිත් ක්‍රීඩකයන් දෙදෙනා රාජස්තාන් රෝයල්ස් කන්ඩායමේ අන්කීත් චවාන් සහ අජිත් චන්දිලා.