ඊශ්‍රායල් හමුදා වාහනයකට සිරියාව දෙසින් වෙඩි

Attack on Golan
Image caption ඊශ්‍රායලය තමන්ගේ සීමාව ඉක්මවා තම සීමාව දෙසට පැමිනි බව සිරියාව පවසයි

ගෝලාන් කඳුකරයේ ගමන් කරමින් තිබූ ඊශ්‍රායල් හමුදා වාහනයකට සිරියාව දෙසින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රහාරයෙන් වාහනයට අලාභ හානි සිදුවූ නමුත් කිසිවෙකුටත් තුවාල සිදු නොවූ බව බලධාරීහු පවසති.

ඊශ්‍රායලය තමන්ගේ සීමාව ඉක්මවා තම සීමාව දෙසට පැමිනි බව පවසන සිරියානු හමුදාව, තමන් ඊශ්‍රායල් හමුදා වාහනය සම්පූර්ණයෙන්ම විනාශ කළ බවද පවසයි.

සිරියාවේ දමස්කස් අගනුවර ආසන්නයේ ගුවන් ප්‍රහාර එල්ල වීමත් සමග ඊශ්‍රායලය සහ සිරියාව අතර ගැටුම් සහගත තත්වයක් උද් ගත වෙමින් තිබින.

එක්දහස් නමසිය හැට හතේ ඊශ්‍රායල්-අරාබි යුද්ධය ඇතිවීමත් සමග ගෝලාන් කඳුකරය ඊශ්‍රායල් පාලනයට නතුව තිබිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර