ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වහාම අවසන් කරන්න - තුර්කි අගමැති

තුර්කි ආණ්ඩුවට එරෙහිව පවත්වන විරෝධතා ව්‍යාපාර වහාම අවසන් කරන්නැයි අගමැති රජෙබ් ටයිප් එර්දෝගන් ඉල්ලා සිටී.

අන්තවාදී බලවේගයන්ට රට අරාජික කිරීමට තුර්කි ආරක්ෂක හමුදා ඉඩ නොතබන බවටද ඔහු අනතුරු අඟවා සිටියේය.වසර ගණනාවකට පසු තුර්කි ආණ්ඩුවට එරෙහිව පවත්වන දරුණුතම උද්ඝෝෂණය අද පැවැත්විණ.

පොලිසිය ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට එරෙහිව දැඩි බලයක් යෙදවූ බවට එල්ල කෙරෙන චෝදනා සම්බන්ධයෙන් පරික්ෂණනයක් පවත්වන බවටද ඔහු පොරොන්දු වී තිබේ.

තුර්කියේ පවතින තත්වය සම්බන්ධයෙන් රටවල් ගණනාවකම අවධානය යොමු වී ඇත.

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය වලට හේතුවූ ඉස්තාන්බුල් නුවර ටක්සිම් චතුරශ්‍රය සංවර්ධනය කිරීමේ යෝජනාව ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන බවයි අගමැති වරයා පවසන්නේ.

අධිකාරීවාදයක් කරා තුර්කිය ගමන් කරමින් සිටින බව පවසන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවල යෙදී සිටින සමහර තරුණ කොටස් තුර්කිය ඉස්ලාමීයකරණය වෙමින් ඇති බවටද චෝදනා කරති .