තුර්කියේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දිගටම

දින දෙකක් තිස්සේ තුර්කියේ පැවති කලහකාරී රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ තරමක් සමනය වී ඇති බව වාර්තා වන නමුත් සෙනසුරාදා රාත්‍රියේ ද ගැටුම් හටගෙන තිබේ.

කෙසේ නමුත් රැය පහන් වෙද්දී වැසි සහිත කාලගුණයක් පැවති ඉස්තාන්බුල් නගරයේ ටක්සිම් (Taksim) චතුරශ්‍රයේ පෙර දා මෙන් විශාල ජනකායක් දක්නට ලැබුනේ නැහැ.

මෙය වසර ගණනාවකට පසු තුර්කියේ දකින්නට ලැබුණු විශාලතම රාජ්‍ය විරෝධී උද්ඝෝෂණය වශයෙන් සැලකේ.

පසුගිය දින දෙක තුළ වීදි බට ජනතාව කෝපයට පත්වී පොලිසිය සමඟ ගැටුම් ඇතිකර ගත්හ.

මේ වනවිට දහසකට ආසන්න විරෝධතා කරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි බලධාරීන් කියා සිටින්නේ.

තුර්කි ආණ්ඩුව පමණ ඉක්මවා ඒකාධිකාරී සහ ඉස්ලාමීය වී ඇති බවට උද්ඝෝෂකයන් චෝදනා කරද්දී තුර්කි රජය කියා සිටින්නේ උද්ඝෝෂණ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි.