පොලිස් වෙඩිපහරින් රෝහින්ග්‍යා කතක් මරුට

burma rohingya
Image caption බුරුමයේ 'රෝහින්ග්‍යා' මුස්ලිම් ප්‍රජාව පුරවැසියන් ලෙස නොසැලකෙන අතර, ඔවුන් වෙනස්කම් කිරීම් වලට ගොදුරු කෙරෙන බවටත් චෝදනා කෙරයි.

බුරුමයේ 'රඛින්' (Rakhine) ප්‍රාන්තයේ උද්ඝෝෂකයන් පිරිසකට පොලිසිය විසින් වෙඩි තබනු ලැබීමෙන්, අඩු තරමින් රොහින්ග්‍යා (Rohingya) මුස්ලිම් කාන්තාවන් තිදෙනෙකුවත් මියගොස් ඇතිබව වාර්තා වෙයි.

මරා දැමුණ කාන්තාවන් තුන්දෙනාගෙන් එක් තැනැත්තියක් ගර්භිනී කාන්තාවක්.

කාන්තාවන් ද ඇතුළු 'රෝහින්ග්‍යා' ප්‍රජාව උද්ඝෝෂණය කරමින් සිටියේ, බුරුම බලධාරීන් විසින් ඔවුන් වෙනත් තාවකාලික රැඳවුම් කඳවුරකට යවනු ලැබීම සඳහා සිදුකෙරෙමින් ඇති සැලැස්මකට විරෝධය පලකිරීම සඳහායි.

බෞද්ධ මුස්ලිම් ගැටුම්

එම ජනයාගේ මුල් නිවාස විනාශ වී ඇත්තේ පසුගිය වසරේ බෞද්ධයින් සහ රෝහින්ග්‍යා (Rohingya) මුස්ලිම් ප්‍රජාව අතර ඇතිවූ ගැටුම් හේතුවෙන්.

බෞද්ධ සහ රෝහින්ග්‍යා මුස්ලිම් ගැටුම් හේතුවෙන් සිය ගණනක් මරණයට පත් වූ අතර, තවත් දසදහස් ගණනකට උන්හිටි තැන් අහිමි වී ඇත.

බුරුමයේ 'රෝහින්ග්‍යා' මුස්ලිම් ප්‍රජාව රටේ පුරවැසියන් ලෙස නොසැලකෙන අතර, නිරතුරුවම ඔවුන් වෙනස්කම් වලට ගොදුරු කෙරෙන බවටත් චෝදනා කෙරයි.