'රාජස්තාන් රෝයල්ස්' හිමිකරුට ඉන්දියාවෙන් පිටවීම තහනම්

Image caption 'රාජස්තාන් රෝයල්ස්' හිමිකාර රාජ් කුන්ද්‍රා සහ බිරිඳ ශිල්පා ෂෙට්ටි

ඉන්දියාවේ නීති විරෝධී සූදු කෙළි පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිසිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රිකට් කණ්ඩායමක හිමිකාර බ්‍රිතාන්‍ය ජාතිකයකුට රටින් පිටවීම තහනම් කොට තිබේ.

රාජස්තාන් රෝයල්ස් ක්‍රිකට් පිළේ අයිතිකරු රාජ් කුන්ද්‍රා (Raj Kundra) ගේ ගමන් බලපත්‍රය මේ වන විට අත් අඩංගුවේ.

දිල්ලි නුවරදී මාධ්‍ය වේදීන් අමතා විශේෂ පොලිස් කොමසාරිස් එස් එන් ශ්‍රිවත්සව කියා සිටියේ බුකි කරුවන් යොදාගෙන තම කණ්ඩායම වෙනුවෙන් ඔට්ටු ඇල්ලූ වග රාජ් කුන්ද්‍රා විසින් පිළිගන්නා ලද බවයි.

රාජ් කුන්ද්‍රා ගේ කාර්යාලයෙන් බීබීසී යට කියා ඇත්තේ ඉක්මනින් ප්‍රකාශයක් නිකුත් කරන බව. ඉකුත් මාසයේ රාජස්තාන් රෝයල්ස් පිලේ ක්‍රීඩකයන් තිදෙනකු අත් අඩංගුවේ රඳවනු ලැබුවේ ඔවුන් සුදුපල හිමියන්ගෙන් මුදල් ලබා දුර්වල අයුරින් ක්‍රීඩා කළ බවට වන චෝදනා නගා.

ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කොට තිබේ.