බීජේපී නායකත්වය තීන්දු කෙරෙන ගෝවා සමුළුව ආරම්භ වෙයි.

bjp,india
Image caption හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ඉන්දීය දේශපාලනයේ දෙවැනි බලවත්ම පක්ෂයයි.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දියානු මහමැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට නායකත්වය දිය යුත්තේ කවුරුන්ද යන්න තීන්දු කිරීමේ පක්ෂ සමුළුව බටහිර ඉන්දියාවේ ගෝවා (Goa) නගරයේදී ආරම්භ කෙරිණ.

හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ඉන්දීය දේශපාලනයේ දෙවැනි බලවත්ම පක්ෂයයි.

ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය විසින් නායකත්වය දෙනු ලබන බලයේ සිටින වත්මන් ආණ්ඩුව පරාජය කිරීම සඳහා පක්ෂයට ශක්තිමත් නායකත්වයක් දිය හැකි නායකයා තෝරා ගැනීමයි, භාරතීය ජනතා පක්ෂ සමුළුවේ උත්සාහය වන්නේ

නරේන්ද්‍ර මෝඩි (Narendra Modi)පක්ෂයට නායකත්වය දීම සඳහා සුදුසුම තැනැත්තා වන්නේද යන්න සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයන් අතර බෙදීමක් පවතින බවත් ගෝවේ නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

ආකර්ෂණීය නායකත්වයක් සහිත නරේන්ද්‍ර මෝඩි, ඉතා දිගුකලක් ගුජරාට ප්‍රාන්තයේ මහා ඇමති පදවිය දරන නමුත් ඔහු මතභේදයට ලක්ව සිටින නායකයෙක්.

මහ ඇමති වරයාගේ ක්‍රියා කළාපය දෝෂ දර්ශනයට ලක් කරන විවේචකයන් කියා සිටින්නේ, ගුජරාට් ප්‍රාන්තයෙහි විශාල සංඛ්‍යාවක් මහජන ජීවිත විනාශ කෙරුණ, 2002 හින්දු සහ මුස්ලිම් ආගම්වාදී ගැටුම් නතර කිරීමට ඔහු පියවර නොගත් බවයි.

නරේන්ද්‍ර මෝඩි, භාරතීය ජනතා පක්ෂයේ නායකයා හැටියට ගෝවා සමුළුවේදී තෝරා පත්කර ගනු ලැබුනොත්, ඔහු ලබන මහ මැතිවරණයේදී පක්ෂයේ නිල නොවන අගමැති ධූර අපේක්ෂකයා බවට පත්වෙන බවයි වාර්තාකරුවන් පවසන්නේ.