නරේන්ද්‍ර මෝඩි භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයට

Narendra Modi
Image caption ගුජරාට් ප්‍රාන්තයේ ඇතිවූ හින්දු - මුස්ලිම් කෝලාහල වලකාලීමට කිසිවක් නොකළ බවට මෝඩිට චෝදනා එල්ලවී තිබේ

ඉන්දියාවේ දේශපාලනඥයන් අතර වඩාත් මතභේදයට ලක්වී සිටින ගුජරාට් ප්‍රාන්තයේ මහා ඇමති නරේන්ද්‍ර මෝඩි, මීළඟ මැතිවරණය වෙනුවෙන් භාරතීය ජනතා පක්ෂය මෙහෙයවීමේ ප්‍රධානියා වශයෙන් පත්වී සිටියි.

මීට දස වසරකට පෙර ගුජරාට් ප්‍රාන්තයේ ඇතිවූ හින්දු - මුස්ලිම් කෝලාහල වලකාලීමට කිසිවක් නොකළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබිණ.

එම ආගමික කෝලාහලවලදී දහසකට අධික මුස්ලිම්වරුන් පිරිසක් මරා දමන ලද බව විශ්වාස කෙරේ.

එය සිදුවන්නට ඉඩ හැර බලා සිටි බවට, බොහෝ දෙනා මහ ඇමති නරේන්ද්‍ර මෝඩි ට ඇඟිල්ල දිගුකරන අතර ඔහුගේ ආධාරකරුවන් කියා සිටින්නේ ඉන්දියාවේ ආර්ථික වර්ධනය පිණිස නරේන්ද්‍ර මෝඩි ශක්තිමත් නායකයෙකු වන බවයි.

ඉන්දියාවේ අගමැති පදවිය සඳහා භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් නරේන්ද්‍ර මෝඩි නම් කිරීමටද ඉඩ කඩ ඇති බව ඇතැම් විශ්ලේෂකයෝ පවසති.