වියපත්ම මිනිසා ලොවින් සමු ගනී

ලොව දිවි ගෙවූ වඩාත් වියපත් පුරවැසියා ලෙස වාර්තාගත ජපන් ජාතික ජෙරොමොන් කීමුරා එරට රෝහලකදී අභාවප්‍රාප්ත විය.

එක්දහස් අටසිය අනූ හතේ (1897) උපන් ජෙරොමොන් කීමුරා, සිය එකසිය දහසය වන ජන්ම දිනය සැමරුවේ පසුගිය අප්‍රියෙල් මාසයේදීයි.

ස්ථිර කළ හැකි ලිය කියැවිලි සහ වාර්තා සහිතව ලොව දිවි ගෙවූ වෘද්ධතම මිනිසා ලෙසද වාර්තාව හෙබැවූයේ ජෙරොමොන් කීමුරායි.

වඩාත් වියපත් කාන්තාව, එකසිය පහළොස් වියැති මිසාඕ ඔකාවා දිවි ගෙවන්නේද ජපානයේයි.