ඉන්දීය ගංවතුරට කොටුවූවන් බේරා ගැනීමට බාධා

Resque operation
Image caption වැසි සහිත කාළගුණයෙන් දැඩි බාධා පැමිණීම හේතුවෙන් හෙලිකොප්ටර යානා ගුවන්ගත කිරීමද අත්හිටුවා තිබේ

උතුරු ඉන්දීය උත්තරාකාන්ද් ප්‍රාන්තයේ හදිසි ජල ගැල්මට කොටු වී සිටින්නන් බේරා ගැනීමේ කටයුතුවලට වැසි සහිත කාළගුණයෙන් දැඩි බාධා පැමිණීම හේතුවෙන් හෙලිකොප්ටර යානා ගුවන්ගත කිරීමද අත්හිටුවා ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම මීදුම හේතුවෙන් බරපතල අනතුරුදායක තත්ත්වයක් හටගෙන තිබේ.

ජල පහරට සහ නාය යාම් වලට ගොදුරුවීමෙන් මේ වන විට සනාථ වී ඇති මරණ සංඛ්‍යාව හයසියයක ට ආසන්නයි.

මිය ගිය ප්‍රමාණය මේ සතිය තුළ දී දහස දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව මේ අතර බලධාරීහු පවසති.

පාණීය ජලය නොමැතිව සියලු දෙනා දැඩි අසීරුතාවයකට මුහුණ දෙමින් සිටින බව ශ්‍රී නගර් හි පූජස්ථානයක කොටු වී සිටින ගුලසාර් සිංග් බීබීසියට කියා සිටියේය.

නොකඩවා ඇදහැළුණු මෝසම් වැසි නිසා හදිසියේ ඇති වූ වේගවත් ජල පහරට හසුවී හිමාල කඳු සහිත උත්තරාඛාන්ද් ප්‍රාන්තයේ නිවාස, මාර්ග සහ පාලම් විනාශ වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර