'තාලිබාන් නායකයන්ට පකිස්ථානයේ රැකවරණ' -ඇෆ්ඝන් හමුදාපති

Image caption ඇෆ්ඝන් හමුදාපති ජෙනරාල් මොහම්මද් කරිමි කියා සිටියේ තාලිබාන් ව්‍යාපාරය පාලනය කරනු ලබන්නේ පාකිස්තානය විසින් බවයි

පාකිස්ථානය තාලිබාන් නායකයන්ට රැකවරණ සලසා ඇතැ’යි ඇෆ්ඝනිස්ථානයේ හමුදාපති වරයා චෝදනා කළේය.

සටන් නවත්වන ලෙස පකිස්තානය තාලිබාන් ව්‍යාපාරයට දැනුම් දෙන්නේනම් ඇෆ්ඝනිස්තනු යුද්ධය සති කිහිපයකින් නිමා වන බවයි ඇෆ්ඝන් හමුදාපති ජෙනරාල් මොහම්මද් කරිමි කියා සිටින්නේ.

බීබීසිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඇෆ්ඝන් හමුදාපති ජෙනරාල් මොහම්මද් කරිමි තවදුරටත් කියා සිටියේ තාලිබාන් ව්‍යාපාරය පාලනය කරනු ලබන්නේ පාකිස්තානය විසින් බවයි.

ඇෆ්ඝනිස්ථානයට පහරදීම සඳහා තාලිබාන් කැරලිකරුවන්ට හිතාමතාම ඉඩ සලසා ඇති බවට ද ඇෆ්ඝන් හමුදාපතිවරයා පකිස්ථානයට චෝදනා එල්ල කළේය.

සියළු චෝදනා ප්‍රතික්ෂේප කරමින් පකිස්තානය කියා සිටින්නේ ඉතා දුෂ්කර වූත් දීර්ඝ වූත් ඇෆ්ඝනිස්තානු දේශ සීමාව මුර කිරීමේ දුෂ්කර තාවයක් පවතින බවයි.

පකිස්ථානු බලධාරීන්ගේ දැනුවත් භාවය සහිතව තලිබාන් නායකයන් පකිස්තානයේ රැදී සිටින බව පසුගිය අප්‍රියෙල් මාසයේදී නේටෝ වාර්තාවකින් හෙළිදරව්කරතිබුණි.