ඉරාකයේ මුස්ලිම් පල්ලි දෙකකට බෝම්බ ප්‍රහාර

Image caption මිය ගිය අයගෙන් වැඩි පිරිස ළමුන් බවයි වාර්තා වන්නේ

ඉරාකයේ බෑග්ඩැඩ් නුවර සුන්නි මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකකින් විසි දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබේ.

රාමසාන් උත්සව සමය වෙනුවෙන් පැවති විශේෂ යාඥාවක් අවසානයේ මෙම ද්විත්ව ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය අයගෙන් වැඩි පිරිසක් ළමුන් බව සිද්ධිය දුටු අබු මාරියම් බීබීසියට කියා සිටියේ ය.

මේ අතර තුර ඉරාකයේ බටහිර ප්‍රදේශයේ දී මෙතෙක් හඳුනා නොගත් පිරිසක් සමග පොලිසිය ඇතිකර ගත් ගැටුමකදී එකොලොස් දෙනෙකු මරණයට පත්වී තිබේ.

මෙම තුවක්කු කරුවන් සිරියානු දේශ සීමාව හරහා පැමිණි බවයි ඉරාක පොලිසිය කියා සිටියේ.

ඉරාකයේ උත්සන්න වූ ප්‍රචණ්ඩ කාරී වාතාවරණය නිසා මේ වසර තුළදී පමණක් දෙදහස් පන්සියයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය.