යුද අපරාධ කළ තවත් බංගලාදේශ නායකයකුට මරණ දණ්ඩනය

Image caption පැහැරගෙන යාම් සහ මරා දැමීම් ඇතුළු චෝදනාවලට වරදකරු වූයේ ජමාත් ඊ ඉස්ලාම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වූ අලි අහ්සාන් මොහමඩ් මුජාහිඩ්

යුධ අපරාධ චෝදනා වලට වරදකරු වූ බංගලාදේශයේ තවත් ඉස්ලාමීය නායකයකුට එරට යුධ අපරාධ අධිකරණය විසින් මරණ දණ්ඩනය පමුණුවනු ලැබිණ.

1971 වසරේදී බංගලාදේශ නිදහස් සටන සිදුවන සමයේදී කරන ලද පැහැරගෙන යාම් සහ මරා දැමීම් ඇතුළු චෝදනාවලට වරදකරු වූයේ ජමාත් ඊ ඉස්ලාම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වූ අලි අහ්සාන් මොහමඩ් මුජාහිඩ්.

මේ සතිය මුලදී ජමාත් ඊ ඉස්ලාම් පක්ෂයේ හිටපු නායක ගුලාම් අසාම් ද යුද අපරාධ වලට වරදකරු වූ අතර අනූ එක් වියැති ඔහුට වසර අනූවක සිර දඬුවමක් හිමි විය.

ඉහත නඩු තීන්දු හෙළා දකින ජමාත් ඊ ඉස්ලාම් පක්ෂය කියා සිටියේ දේශපාලන අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීමට බංගලාදේශ රජය යුද අපරාධ අධිකරණයක් පිහිටුවාගෙන ඇති බවයි.