ආණ්ඩු විරෝධී මතවාද යටපත් කිරීමට විරෝධය

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ 'ඉගිලෙන මාළුවෝ' චිත්‍රපටය මුල් කරගෙන රාජ්‍ය මාධ්‍ය ගෙනගිය ප්‍රචාරණයට විරෝධය පළ කිරීමට පැවැත්වූ පුවත් පත් හමුවේදී රාජ්‍ය මතවාදයන් ප්‍රශ්න කරන පිරිස් නිහඩ කිරීමට ගෙන යන වැඩපිළිවෙලට දැඩි විරෝධයක් පල වූ බව මාධ්‍ය ක්‍රියාධර කුසල් පරේරා පැවසීය.

සමාජ ක්‍රියාකාරික ගාමිණී වියන්ගොඩ එල්ල කර ගෙන ස්වාධීන රූපවාහිනී නාලිකාව ගෙන ගිය අපහාසාත්මක ප්‍රචාරය සම්බන්ධයෙන් 'රාවය' උපදේශක කර්තෘ වික්ටර් අයිවන් කියා සිටියේ තමන් දරන මතයක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය ඇහිරී ඇති බවයි.

ස්වාධීන රුපවාහිනිය ඔස්සේ තමන් කොටි සංවිධාන හිතවාදියෙක් බව දක්වමින් ඉදිරපත් කළ වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වූ ගාමිණී වියන්ගොඩ කියා සිටියේ තමන් නිරන්තරයෙන්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කථා කල නමුත් තමන් කවර අවස්ථාවකදීවත් කොටි සංවිධානය සමග සම්බන්ධතා නොපැවැත්වූ බවයි.

ආණ්ඩුව උතුරේදී පළාත් සහා මැතිවරණය පරාජය වීමට ඇති ඉඩ කඩ හමුවේ ආණ්ඩුවේ මතයට වෙනස් අදහස් දරන පිරිස් මර්ධනය කිරීමට රාජ්‍ය මාධ්‍ය උපයෝගී කර ගෙන ද්වේෂ සහගත ලෙස කටයුතු කෙරෙමින් තිබෙන බව ගාමිණී වියන්ගොඩ වැඩි දුරටත් පැවසීය.