ශ්‍රී ලංකාවට අවි යැවීම ගැන බ්‍රිතාන්‍ය මන්ත්‍රී වරුන්ගෙන් ප්‍රශ්න කිරීම්

pistol

මානව හිම්කම් සුරැකීම පිළිබඳව ගැටළු ඇතැයි එක්සත් රාජධානිය විසින් හඳුනාගෙන ඇති රටවල් වලට අවි ආයුධ විකිණීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව ගෙන ඇති තීරණය විදේශ රටවල්වලට අවි ආයුධ යැවීම පාලනය කිරීම භාර පාර්ලිමේන්තු කමිටුවේ විවේචනයට ලක් වී තිබේ.

මානව හිම්කම් සුරැකීම පිළිබඳව ගැටළු තිබියදී අවි අයුධ යැවීමට බලපත්‍ර නිකුත් කොට ඇති රටවල් අතර චීනය,රුසියාව,ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව තිබෙන බව කමිටුවේ සභාපති ශ්‍රීමත් ජෝන් ස්ටැන්ලි කියා සිටියේය.

ශ්‍රී ලංකාවට යැවීමට නියමිත අවි ආයුධ තොගයට පිස්තෝල, සැහැල්ලු ආයුධ සඳහා පතරොම් සහ රයිෆල් හය සියයක් ඇතුලත් බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු වාර්තාවකින් හෙළිදරව් කොට තිබේ.

ශ්‍රී ලංකාවට යැවීමට නියමිත අවි ආයුධ වල ඇස්තමේන්තු ගත වියදම බ්‍රිතාන්‍ය පවුම් අසු එක් ලක්ෂයකට ආසන්න බවත් වර්තාවේ වැඩි දුරටත් සඳහන්.