ස්විස් සංචාරක කත දූෂණය කළ ඉන්දියානුවන්ට සිර දඬුවම්

Image caption කාන්තාවන් දූෂණය කරනු ලැබීමට එරෙහිව පසුගිය කාලය තුල ඉන්දියාව තුල විශාල පරිමාණයේ මහජන උද්ඝෝෂණ දියත් වෙමින් තිබිණ.

සංචාරක කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හය දෙනකුගෙන් යුත් කණ්ඩායමකට ඉන්දීය උසාවියක් සිර දඬුවම් නියම කොට ඇත.

ස්විස්ටර්ලන්ත ජාතික සංචාරක කාන්තාව සමූහ දුෂනයට ලක් වුනේ පසුගිය මාර්තු මාසයේදී .

තිස් නව හැවිරිදි එම කාන්තාව සහ ඇයගේ සැමියා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කඳුකරයක් ඔස්සේ බයිසිකල්වලින් ගමන් කරමින් සිටියදීයි ප්‍රහාරය එල්ල කෙරුනේ.

සැකකරුවන් හය දෙනාගෙන් හතර දෙනකු දූෂණ චෝදනාවලට ද දෙදෙනකු පහරදීම සහ මංකොල්ල කෑමේ චෝදනා වලට ද වරදකරුවන් වන බවයි, ඉන්දීය උසාවිය තීන්දු කලේ.

කාන්තාවන් දූෂණය කරනු ලැබීමට එරෙහිව පසුගිය කාලය තුල ඉන්දියාව තුල විශාල පරිමාණයේ මහජන උද්ඝෝෂණ දියත් වෙමින් තිබිණ.

එවැනි අපරාධ මැඩලීමට පියවර ගන්නා මෙන් කෙරෙන මහජන බලපෑම් වලට ඉන්දීය ආණ්ඩුව මුහුණ දී සිටියි.