පාසල් දරුවන් වැසිකිලියේ අහාර ගැනීමේ සිද්ධියක් -මැලේසියාවෙන්

malysia flag

ආහාර ගැනීම සඳහා පාසල් දරුවන් වැසිකිලියට යැවීමේ සිද්ධියක් මැලේසියානු රජය විසින් හෙලා දැක තිබේ.

අදාළ පාසලේ සිසුන්ට වෙන භෝජනාගාරයක් වහාම ලබාදෙන ලෙසට පාසල් අධිකාරීන්ට දැන්වූ මැලේසියානු නියෝජ්‍ය අධ්‍යාපන ඇමති පී කමලනාදන් සිද්ධිය පිළිබඳව වහා විමර්ශනයක් ආරම්භ කරන බවද සඳහන් කළේය.

‘ දැනගන්නට තියෙන විදිහට ඉස්කෝලේ භෝජනාගරය වහපු නිසයි ළමයින්ට වැසිකිලිය ළඟ වාඩිවෙලා කෑම ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් මේක කොහොමවත් පිළිගන්න පුළුවන් තත්වයක් නෙවෙයි’ ඔහු තවදුරටත් සඳහන් කළේය

සිද්ධියට අදාළ ජායාරුප පෙළක් facebook වෙබ් අඩවියේ පළකල සිසුවෙකුගේ මවක් ප්‍රකාශ කර තිබුනේ, රාම්සාන් හේතුවෙන් වසා ඇති භෝජනාගාරය අපවිත්‍ර වන බැවින් එහි ආහාර ගැනීම තහනම් කර ඇති බවයි.

රාම්සාන් සැමරෙන මේ කාලයේ මෙසේ ආහාර ගැනීමට සිදුවී ඇත්තේ සුන්ගයි බුලොහ් හි, එස් ආර් කේ ශ්‍රී ප්‍රිස්ටිනා පාසලේ මුස්ලිම් නොවන සිසුන්ටයි.

මුස්ලිම් බහුතරයක් වෙසෙන මැලේසියාව රාමසාන් උපවාසයේ යෙදෙන කාලයේ එරට සුළුතරය මෙවැනි අපහසු තාවලට මිට පෙරත් මුහුණ දී තිබෙන බව ‘ද මැලේ මේල්’ වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.